විල්පත්තුව කැළැව එළිකර ජනාවාස සෑදිම නිති විරෝධි බව අභියාචනාධිකරණය තීන්දු කරයි- අදාල රක්ෂිතය පෞද්ගලික වියදමින් නැවත වගාකරන්නැයි රිෂාඩ් බදියුදින් මහතාට නියෝගයක්

Share Button

විල්පත්තුව අභය භුමිය අසල පිහිටි කල්ලාරු රක්ෂිත එළිකළ බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මහතාට ඊට අදාල නියෝගයක් අභියාචනාධිකරණය මගින් නිකුත් කර තිබෙ. ඒ අනුව අදාල රක්ෂිතය යලිත් ඔහුගේ වියදමින් නැවත වගා කරන ලෙස දැනුම් දී ඇත. එමෙන්ම පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට නඩු ගාස්තු යලි ගෙවන ලෙසද බදියුදින් මහතා ඇතුඵ වගඋත්තරකරුවන්ට නියෝිග කෙරිණි. මෙසේ වනාන්තර එළපෙහෙලි කර අනවසර ජනාවාස ඉදිකිරිම නිති විරෝධි බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය. ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම තින්දුව ප්‍රකාශයට පත් කළේය.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති රිෂාඩ් බදියුදින් . මධ්‍යම පරිසර අධිකාරිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුඵ් පාර්ශ්ව කිහිපයක් නම් කර තිබිණි. කල්ආරු රක්ෂිත වනාන්තරයේ අක්කර 2388 ක් එළිකොට අනවසර ඉදිකිරිම් සිදුකිරිම විශාල පරිසර හානියක් බව පෙත්සම ඉදිරිපත් කර තිබු පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දී තිබිණි.මෙම නඩුවේ විභාගය අවසන් කර ඉකුත් වසරේ අගෝිස්තු මාසයේ තින්දුව ප්‍රකාශ කිරිමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා තින්දුව ප්‍රකාශ කිරිමට අකැමැත්ත පළ කිරිම නිසා පෙත්සම මුලසිට යලි විභාග කිරිමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *