වාද්දුව – කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවිමක්

Share Button

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව හා කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා ජල සැපයුම අත්හිටුවේ. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කඵතර උතුර සහ දකුණ කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝම්ඹුවල, පයාගල, බේරුවල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ කලුවාමෝදර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

ඒ අතරම පැලැන්වත්ත ප්‍රදේශයට අද රාත්‍රි 9.00 සිට පසුදා උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.  පැලැන්වත්ත ඇරැව්වල, සිද්ධමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය පාර, නිවන්තිඩිය ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *