බංග්ලාදේශයට කොරෝනා දෙවන රැල්ලක්

Share Button

නිවසින් බැහැර විීමේ දී මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැළද සිටින්නේද සොයා බැලීම සදහා ජංගම අධිකරණ පිහිටුවීමට බංග්ලාදේශ රජය තීරණය කරයි. එරට අගමැති ෂික් හසීනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණයට එළැඹ ඇත. රජයේ උපදෙස් පිළිනොපදින ජනතාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැතිවරිය උපදෙස් දී ඇත. කොරෝනා දෙවන රැල්ලක් මතුවීමේ ඇති අවදානම සැලකිල්ලට ගෙන ජංගම අධිකරණ පිහිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ. බංග්ලාදේශයේ ඊයේ පමණක් අලුතින් කොවිඩ් ආසාදිතයන් 2139 දෙනෙකු හදුනාගෙන ඇත. ඊයේ සිදුවු මරණ සංඛ්‍යාව 21 කි. මේ වනවිට එරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව හාරලක්ෂ 35 න් දහසකට ආසන්න වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *