අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේගේ ආදාහනය ලබන ඉරිදා මහනුවරදී

Share Button

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා පස්වරු 2.00 ට මහනුවර කුණ්ඩසාලේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ ආදාහන කමිටුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේදී අද පස්වරුවේ රැස්වුණි. රාමඤ්ඤ මහා නිකායේ 13 වැනි මහා නායක ස්වාමින් වහන්සේ ලෙස පත්ව සිටි අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ අපවත් වන විට 98 වැනි වියේ පසුවූහ. අදාහන පූජෝත්සවයේ සජීවී තොරතුරු ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සූදානමින් සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *