ඇමරිකාවේ කොරෝනා මරණ 2 ලක්ෂ 56 දහස ඉක්මවයි

Share Button

මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව 5 කෝටි හැට පන් ලක්ෂ 27 දහස් 276 කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 1 කෝටි 18 ලක්ෂ 56 දහස් 727 ක් වාර්තා වේ. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 89 ලක්ෂ 58 දහස් 143 කුද බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් 59 ලක්ෂ 47 දහස් 403 දෙනෙකුද වාර්තා වේ. ගතවූ පැය 24 දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 1 ලක්ෂ 56 දහස් 632 කි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 45 439 දෙනෙකු ගතවූ පැය 24 දී වාර්තා විය.
මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13 ලක්ෂ 53 දහස් 758 කි. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වේ. සංඛ්‍යාව 2 ලක්ෂ 56 දහස් 105 කි. බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1 ලක්ෂ 67 දහස් 497 කි. ඉන්දියාවෙන් කොරෝනා මරණ 1 ලක්ෂ 31 දහස් 618 ක් වාර්තා වී තිබේ. මෙක්සිකෝවෙන් වාර්ථා වන කොරෝනා මරණ සංඛ්‍යාව 99 දහස් 26 කි. ගතවූ පැය 24 දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 1807 කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 754 ක්ද ඉතාලියෙන් කොරෝනා මරණ 753 ක්ද පෝලන්තයෙන් කොරෝනා මරණ 603 ක්ද ගතවූ පැය 24 දී වාර්තා වී තිබේ. කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑමෙන් පෝලන්තයට හා රුසියාවට වැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *