ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රිඩකයෝ රැසක් අද දිවයිනට

Share Button

ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන විදෙස් ක්‍රිඩකයෝ රැසක් අද දිවයිනට පැමිණෙති. ඒ අනුව ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ විදෙස් ක්‍රිඩකයන් වන එංගලන්තයේ ටොම් මුවර්ස්. රවී බොපරා. දකුණු අප්‍රිකාවේ කයිල් ඇබට්. පකිස්තානයේ උස්මාන් සින්වරී. දකුණු අප්‍රිකාවේ ඩී ඔලිවර්ස් ද දිවයිනට පැමිණෙති. ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ සොයිබ් මලික් හෙට දිවයිනට පැමිණේ. මේ අතර කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එංගලන්ත වේගපන්දු යවන ක්‍රිඩක කබීර් අලි කටයුතු කරයි. මහනුවර ටස්කර්ස් පිලේ ක්‍රිස්ගේල් ද ඉන්දීය ක්‍රිඩක මුනාෆ් පටෙල්ද මෙරටට පැමිණීමට නියමිතයි. මේ වනවිට කණ්ඩායම් රැසක් හම්බන්තොට බලා ගොස් සිටී. ලංකා ප්‍රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රිඩාංගනයේදී ඇරඹේ. තරගාවලියේ නිල ගුවන් විදුලිය ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *