ස්කයිෆ් තාක්ෂණය මගින් රිෂාඩ් බදුයුදීන්ට පාස්කු කොමිසමේ සාක්ෂි ලබා දීම කොමිසම ප්රතික්ෂේප කරයි
ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දීමට රිෂාඩ් බදුයුදීන් මන්ත්රිවරයා කල ඉල්ලීම එම කොමිසම ප්රතික්ෂේප කරයි. කොමිෂමේ සභාපතිවරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කරමින් පැවසුවේ රිෂාඩ් බදුයුදීන් මන්ත්රීවරයා නියෝජනය කරමින් කොමිසමට පැමිණි පුද්ගලයකු සාක්ෂි වීමසීම් පටිගත කරමින් සිටියදී පොලිසියට හසුවීම නිසා එම පාර්ශවය පිලිබද විශ්වාසය කඩවී ඇති බවයි. තම සේවා දායකයා වන රිෂාඩ් බදුයුදීන් රදවා ඇති වැලිකඩ බන්ධනාගාරයේ ඊ වාට්ටුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයකු හමුවී ඇතැයි ද නිතිඥවරයා කොමිසමට දැනුම් දුන්නේය.