දේශීය ටින් මාඵ කර්මාන්තය වැඩිදියුණුවට ක්‍රියාමාර්ග

Share Button

දේශීය ටින් මාඵ කර්මාන්තය වැඩිදියුණු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඩග්ලස් දේවානන්දා සහ බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු පවසති. එම දෙපළ සහ දේශීය ටින්මාඵ නිෂ්පාදකයින්ගේ සංගමය අතර සාකච්ඡාවක් වෙලෙද අමාත්‍යංශයේ දී ඊයේ පැවැත්විණ. පවතින වසංගතය හමුවේ දේශීය ටින් මාඵ නිෂ්පාදන තොග සතොස හා සමුපකාර මගින් රුපියල් 200 ක සිල්ලර මිලකට අලෙවි කිරීමට නිකුත් කරන ලෙස අමාත්‍යවරුන් දෙපල කළ යෝජනාවට දේශීය ටින් මාඵ නිෂ්පාදකයින්ගේ සංගමය ඒකමතිකව එකග විය. ඒ අනුව දේශීය ටින් මාඵ කර්මාන්තකරුවන්ගේ සම්පුර්ණ නිෂ්පාදන ඇසුරුමක් රුපියල් 198 බැගින් මිලදී ගෙන රුපියල් 200 ක සිල්ලර මිලට අලෙවි කිරීමට සතොස සභාපතිවරයාට ඇමති බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය. ඒ අනුව ඊයේ සිට සතොස සහ සමුපාකාර මගින් ජනතාවට රුපියල් 200 කට ටින් මාඵ ඇසුරුමක් මිලදී ගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *