පවතින තත්ත්වය හමුවේ රජයෙන් ප්‍රශස්ත අයවැයක් – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

Share Button

අයවැය දෙවන වර කියවිමේ විවාදයේ දෙවන දිනය අදයි. අද විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සභා ගර්භයට පැමිණියේය. විවාදයට එක් වෙමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ රජය ප්‍රශස්ත අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි. රටට අවශ්‍ය ආහාර සියයට 90 ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකිය. එවැනි තත්ත්වයක් යටතේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනයට රජය පනවා ඇති සීමා අගය කළ යුතු බව ඔහු කීවේය. අපේ ප්‍රශ්න අපිම විසඳා ගමු යන සංකල්පය මෙම අයවැයේ අඩංගු බව සිරිසේන මහතා සදහන් කළේය. දුප්පත්කම අවම කිරිම සදහා මෙමගින් පියවර රැසක් හදුන්වා දී ඇතැයි හෙතෙම පැවසීය.
පසුගිය රජය සමයේ වතු කම්කරුවන්ට රුපියල් දහසක මුදලක් ලබා දීමට නොහැකි වුවද වත්මන් රජය එය ලබා දෙන බව චාමර සම්පත් මන්ත්‍රීවරයා පැවසීය. විවාදයට එක් වෙමින් ඔහු සදහන් කළේ රුපියල් දහස ලබාදිීමට වතු හිමිකරුවන්ගේ කැමැත්ත අනවශ්‍ය බවයි.
අයවැය විවාදය ලබන 21 වැනිදා දක්වා පැවැත්වේ. ඒ පිළිබඳව ඡන්දය විමසිම 21 වැනිදා පස්වරු 5.00 ට සිදු කෙරේ. ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි. දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5.00 ට තෙවන වර කියවිමේ ඡන්ද විමසිම සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි. අයවැය විවාදය පැවැත්වෙන දිනවල පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා රැස්වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *