බස්නාහිර පළාතෙන් පිටත රජයේ පාසල් තුන්වන වාරය සදහා ලබන සදුදා ඇරඹේ

Share Button

බස්නාහිර පළාතෙන් පිටත රජයේ පාසල් තුන්වන වාරය සදහා ලබන සදුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ නොකෙරේ. කොවිඩ් වසංගත තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන තිබේ. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දිී තීරණයක් ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. දිවයින පුරා රජයේ පාසල්වල තුන්වන වාරය ලබන 23 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබිණි. මීට පෙර පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඉකුත් 9 වැනිදායි. එහෙත් පැවති කොරෝනා තත්ත්වය හේතුවෙන් පාසල්වල තුන්වැනි වාරය ආරම්භ කිරීම සති 2 කින් දීර්ඝ කෙරිනි. මේ අතර බස්නාහිර පළාතේ සිටින පිට පළාත්වල සිසුන්ට සහ ගුරුවරුන්ට එම පාසල්වලට පැමිණීම තහනම් බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *