එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයකට සුදානම්

Share Button

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වසර 16 කට පසු පකිස්ථානයේ තරග සංචාරයකට සුදානම් වෙයි. එම කණ්ඩායම ලබන වසරේ ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින කරච්චි හිදි පන්දුවාර 20 යි 20 සේ තරග දෙකකට සහභාගි වීමට නියමිතයි. ලබන වසරේ මුල් මාස කිහිපයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රීී ලංකාවේ සහ ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට ද නියමිතයි. ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 සේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සුදානමක් ලෙස එංගලන්ත කණ්ඩායම පකිස්ථාන තරග සංචාරයේ නිරත වෙයි. එංගලන්ත කණ්ඩායම ලබන වසරේ ඔක්තෝබර් 12 වැනිදා කරච්චි වෙත පැමිණීමට නියමිතයි. ලබන වසරේ නොවැම්බර් මැද භාගයේ ආරම්භ වන පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සදහා එංගලන්ත කණ්ඩායම ලබන වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *