ඇමරිකානු නව පරිපාලනය ඉරානයට තවදුරටත් බලපෑම්

Share Button

ඉරානයට තවදුරටත් බලපෑම් කිරීම සදහා ඇමරිකානු නව පරිපාලනය ඊශ්‍රායලය සහ අරාබියේ රටවල් සමග සබඳතා අඛන්ඩව පවත්වාගෙන යනු ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි. පොම්පියෝ මහතා ඊයේ ඊශ්‍රායලයේදිී එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ බහරේන විදේශ අමාත්‍ය අබ්දුල්ලාටිප් බින් රෂීඩ් අල් සයානි යන මහත්වරුන් හමුවී සාකච්ඡා කළේය. ඊශ්‍රායලය මේ වනවිට බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ආර්ථික ඇතුඵ විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත් කර ගෙන තිබේ. ඉකුත් සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ මැදිහත් වීමෙන් එම රටවල් අතර සබඳතා යලි සාමාන්‍ය අතට පත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *