නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දින 21 ක් පුරා අඛන්ඩව සෙත් පිරිත් සජ්ජායනය

Share Button

රටවැසි සැමට සෙත් පතා දින 21 ක් පුරා අඛන්ඩව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ සංවිධාන කළ සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ ආරම්භ විය. කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සදහා ආශිර්වාද කිරීම මෙහි අරමුණයි. ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව පිංකම සංවිධාන කර තිබේ. ශ්‍රිී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය ශ්‍රීී කල්‍යාණ යෝගාශ්‍රමාධිපති පුජ්‍ය පහළවිටිගල ජනානන්ද ස්වාමින් වහන්සේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිරිත් දේශනාවට ආරණ්‍යවාසී මහා සංඝරත්නය දෙසිය නමක් එක්ව සිටිති. සධාතුක කරඩුව තැන්පත් කිරීම සහ පිරිත් දේශනයට මහා සංඝරත්නයට ආරාධනා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *