ඔබේ සුව අසුනේ සිටම වන සතුන් නැරඹීමේ චාරිකාවක යෙදෙන්න

Share Button

කොවිඩ් වසංගතය හමුවේ අභියෝග රැසකට මුහුණදී ඇති ශ්‍රීී ලංකා සංචාරක ව්‍යාපාරය නව මානයකින් ඉදිරියට ගෙන යාමට ඊජිප්තුවේ ශ්‍රිී ලංකා තානාපති කාර්යාලය වැඩපිළිවෙලක් සකස් කර ඇත. ඔබේ සුව අසුනේ සිටම වන සතුන් නැරඹීමේ චාරිකාවක යෙදෙන්න යන මැයෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන සංචාර මගින් මෙරට සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම මෙහිදී සිදු කෙරේ. ඉකුත් 4 වැනිදා ආරම්භ කළ එම වැඩසටහනට අනුව ඊජිප්තු සංචාරකයන් ශ්‍රීි ලංකා සන්නාමය සමග සම්බන්ධ වීමට උනන්දු කරලීම සිදු කෙරේ. කොවිඩ් වසංගතයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වීමත් සමග ඔවුන්ට මෙරට සංචාරය කිරීමේ උනන්දුවක් ඇති කිරීම මෙමගින් සිදු කෙරේ. මේ සදහා ඊජිප්තුවේ ශ්‍රිී ලංකා තානාපති කාර්යාලය මෙරට සංචාරක ව්‍යාපාරය සමග සහයෝගිී ප්‍රයත්නයක් ලෙස නයිල් ටී වී ඉන්ටර්නැෂනල් ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *