කෝප් කමිටුව හෙට යලි රැස්වෙයි

Share Button

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මෙවත් කෝප් කමිටුවේ කටයුතු හෙට යලි ආරම්භ කරන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කියයි. සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වෙනු ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ මහාමාර්ග අමාත්‍යංශයේ සහ අදාල ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට හෙට කැදවා තිබේ. මධ්‍යම අධිවේගි මාර්ගයේ සක්‍යතා අධ්‍යයනය හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එහිදී අධ්‍යයනයට ලක් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *