වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කළ උපවාසය අවසන්

Share Button

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කළ උපවාසය අවසන් වෙයි. සිය නඩු සහ ඇප ලබා ගැනීම කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් එම උපවාසය ආරම්භ කර තිබින. එම කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඔවුන්ට දැනුම්දී තිබු බවත් ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බලා ඒවා කඩිනමින් ඉටුකරන බවට ඇමතිනිය දුන් ප්‍රතිඥාව අනුව රැදවියන් උපවාසය අත්හල බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අප කළ විමසුමකදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *