මේ වනවිට විගමනික ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 08 ඉක්මවයි

Share Button

මේ වනවිට විගමනික ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 08 ලක්ෂ 16 දහස් 433 ක් බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අදනැගු ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඔහු එම තොරතුරු හෙලි කළේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පිඩාවට පත් විගමනික ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය උදෙසා රජය ගත් ක්‍රියාමාර්ග ඇමතිවරයා විස්තර කළේය. එලෙස පිඩාවට පත්ව ආපසු සිය රට පැමිණෙන විගමනික සේවකයන්ගේ තොරතුරු නිරෝධායන මධ්‍යස්ථාන ඇසුරෙන් එක්රැස් කර පරිගනක ගතකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. පසුගිය 13 වැනිදා වනවිට 13 දහස් 181 දෙනෙකු එලෙස පැමිණ තිබු බව කම්කරු ඇමතිවරයා පැවසීය.
අයවැය දෙවන වර කියවිමේ විවාදයේ දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්විනි. විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා ගෙවිගිය වසරක කාලය තුළ වත්මන් රජය ජනතා හිතවාදි සේවා රැසක් ඉටුකර ඇතැයි සදහන් කළේය.
රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සදහා ව්‍යවසායකයන්ගේ දියුණුවක් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනපිටිය මහතා පැවසුවේ කෘෂි ආර්තිකය නංවාලිම සදහා මෙවර අයවැය යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *