කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල විශේෂ ගිලන්රථ සේවාවක්

Share Button

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ ගිලන්රථ සේවාවක් හෙට සිට ක්‍රියාත්මකයි. විශේෂඥ වෛද්‍ය සේවාවක් ද ක්‍රියාවට නැංවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව සදහන් කළේය. කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් වැඩි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවති. එම ප්‍රදේශවල රෝගීන් සිටින්නේ නම් ඔවුන්ට රෝහලකට පැමිණිමේ පහසුකම් සැලසීම සදහා මීතොටමුල්ල විද්‍යාලයේ දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ගිලන් රථ ඒකකයක් ස්ථාපිත කර ඇතැයි ඔහු එහිදී සදහන් කළේය. කිසියම් රෝගියෙකුට 1990 සුවසැරිය ගිලන්රථ සේවය ලබා ගැනීමට අපහසු නම් දුරකථන අංක 011-3 422 558 අමතා එම ගිලන්රථ සේවාව ලබාගත හැකිය. එමෙන්ම හුදෙකලා කර ඇති ප්‍රදේශ සදහා කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමග එක්ව හෙට සිට විශේෂඥ වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විධිවිධාන යොදා ඇත. සායනවලට පැමිණිය නොහැකි ඖෂධ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට එම සේවාව ලබාගත හැකිය. පලමුව යන ස්ථාන මොනවාද යන්න හෙට තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *