පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට ජනතා අයිතියට

Share Button

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පැවරේ. නව වෙළෙඳ සංකීර්ණය වෙළෙඳසැල් 1192 කින් සමන්විතයි. වාහන 600 ක් නවතා තැබිය හැකි රථ ගාලක් ද එහි ඉදිකර තිබේ. සේවක විවේකාගාර වෛද්‍ය මධ්‍යස්ථාන බැංකු ආපනශාලා අධිශිත ගබඩා ඇතුඵ පහසුකම් රැසකින් එය සමන්විත වෙයි. මහල් හතරකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණයේ තුන්වන මහල දක්වා පිහිටි සෑම වෙළෙඳ සැලකටම එළවඵ ප්‍රවාහන ලොරි රථ ගෙනඒමට හැකිවීම විශේෂත්වයකි. මෙතෙක් අක්කර දෙකක භුමි භාගයකට සීමාවී තිබු මැනිං වෙළෙඳ සංකීර්ණය අක්කර 13 ක භුමි භාගයක් පුරා විසිරුනු අංගසම්පුර්ණ තොග වෙළෙඳ සංකීර්ණයක් බවට පත්ව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කෙරුනේ 2013 වසරේදීය. ඒ සදහා වැය කෙරුනු මුදල රුපියල් කෝටි 690 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *