මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට

Share Button

තවත් කොරෝනා ආසාදිතයෝ 437 දෙනෙක් ඊයේ හඳුනාගනු ලැබූහඩ්€ඤු ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ වෙති. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15 දහස් 330 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18 දහස් 839 කි.
මේ අතර කොරෝනා ආසාදිත තවත් රෝගීහු සිව් දෙනෙක් ඊයේ මරණයට පත්වූහ. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ කොරෝනා ආසදනය සමග ඇතිවූ නියුමෝනියා තත්ත්වයයි. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිට 27 හැවිරිදි කාන්තාවක් මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර සිටියදී කොරෝනා ආසාදනයෙන් උත්සන්න වූ අක්මා රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්විය. ඉතිරි මරණ දෙක කඵතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර නිවසේදී මියගොස් ඇති 59 හැවිරිදි කාන්තාවක් පොකුණු විට ප්‍රදේශයේ පදිංචිකාරියකි. කොරෝනා ආසාදනයෙන් ඇතිවූ පපුවේ ආසාදනයක් හා අධික රුධිර පීඩනය එම මරණයට හේතුවයි. කඵතර හල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද නිවසේදී මියගොස් ඇති අතර කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයක් ඔහුගේ මරණයට බලපා තිබේ. මේ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරටේ සිදුවී ඇති මුඵ මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *