අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Share Button

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. දිවයිනේ ප්‍රධාන ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස කොළඹ වරායට විශාල වගකීමක් පැවරී ඇති බවත් එම වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කරයි.කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කොරෝනා අධිවසංගත තත්ත්වය හමුවේ කොළඹ වරායේ බහාලු මෙහෙයුම් වලද යම් බිඳවැටීමක් සිදුවූ බවත් එම මෙහෙයුම් කටයුතු පෙර පරිදි පවත්වා ගැනීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *