පැල මිලියන දෙකක් සිටුවන හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share Button

පැල මිලියන දෙකක් සිටුවන හුස්ම දෙනතුරු ජාතික රුක්රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් සියයට 30 ක් දක්වා වැඩි කිරිමට අපේක්ෂා කෙරේ.ඊට අනුගතව පරිසර අමාත්‍යංශය මෙම වැඩසටහන සැලසුම් කර ඇත. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනිම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවිම අරමුණු කර ගනිමින් ඒ ඒ ප්‍රදේශ වලට ගැලපෙන පරිදි රුක් රෝපණය කෙරේ. ඉදිරි වසර පහ තුළ පැල මිලියන දෙකක් රෝපණය කිරිම අරමුණයි ,.මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය.ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රි ලංකා යුද හමුදාව එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි. ජනාධිපතිතුමා අද පෙරවරුවේ බත්තරමුල්ල. මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පලමු පැලය ලෙස සුදු හදුන් පැලයක් රෝපණය කළේය. පරිසර අමාත්‍ය මහින්ද අමරවිර සහ යුදහමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුද පැල සිටුවමින් වැඩසටහනට එක්වුහ.රට පුරා පැල බෙදාදිම සංකේතවත් කරමින් පාසල් සිසුන් පිරිසකට මෙහිදි පැල බෙදා දෙනු ලැබිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *