ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් පසු කොරෝනා වෛරසයට එන්නතක් මෙරට ජනතාවට ලබාදෙන බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි

Share Button

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු වහාම කොරෝනා වෛරසයට එන්නතක් මෙරට ජනතාවට ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් අනුමත නොකළ කොරෝනා එන්නත පරික්ෂා කිරිමට මෙරට ජනතාව යොදා ගැනිමට රජය සුදානම් නොමැති බව පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවිමේ විවාදයේ තුන්වන දිනයට අද එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය. පසුගිය වසර පහක යහපාලන කාලය තුළ ආර්ථිකය දැඩි ලෙස කඩාවැටිමකට ලක් වු බවද අමාත්‍යවරයා සදන් කළේය .එම කාලයේ කටයුතු කළ ආකාරය අමතක කරමින් විපක්ෂය අයවැය විවාදයේදී අදහස් දැක්විම විමතියට කරුණක් බව ද හෙතෙම පැවසිය.ලෝකය පුරා කොරෝනා පාලනය කිරිමට නොහැකි වුවද වත්මන් රජය සෞඛ්‍ය ,ආරක්ෂක අංශ සහ රාජ්‍ය සේවකයින් අතැුඵ් පාර්ශ්වවල සහාය ඇතිව එය පාලනය කිරිමට සමත්ව සිටන බව ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *