දිවයින පුරා කිව් ෂොප් දහසක් ආරම්භ කිරිමේ වැඩපිළිවෙලක්

Share Button

ගුණාත්මක බවින් ඉහළ රාජ්‍ය අංශයේ හා ස්වදේශික පෞද්ගලික නිෂ්පාදකයන්ගේ භාන්ඩ සෘජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසායකයන් සදහා වෙළෙඳපල අවස්ථා නිර්මාණය කෙරෙන කිව් ෂොප් හි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. රාජ්‍ය   වානිජ නිතිගත සංස්ථා පරිශ්‍රයේදි ඊයේ එම වැඩසටහන ක්‍රියාවට නැංවිණ. ව්‍යාපෘතියේ මුලික අදියර යටතේ දිවයින පුරා කිව් ෂොප් දහසක් ආරම්භ කෙරේ. ඉන් අනතුරුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි කිව්ෂොප් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිදි ජනතාවට අඩු මිලට ප්‍රමිතියෙන් උසස් භාන්ඩ අලෙවි කිරිම මෙහි එක් අරමුණකි. තරගකාරී හා තරුණ ව්‍යවසායකයන් බිහි කිරිමට රජය මැදිහත්විමද මෙමගින් සිදු කෙරේ.සියලුම කිව්ෂොප් එකම ආකෘතියක් යටතේ සකස් වන අතර. මිල පාලන ප්‍රතිපත්තිය ගමට ගෙනයාම මෙමගින් සිදු වෙ. එමෙන්ම සාමාන්‍ය වෙළෙඳපල මිලට වඩා අඩු මිල ගණන් යටතේ ද තොග වශයෙන් මිලට ගන්නේ නම් වට්ටම් සහිතවද දේශිය නිෂ්පාදන අලෙවි කෙරෙනු ඇත.මෙම අවස්ථාවට එක් වු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම කිව් ෂොප් ව්‍යාපෘතියට සමගාමිව කිව් ඩිලිවරි සේවාවද ආරම්භ කිරිමට කටයුතු කෙරෙමින් පවතින බව පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *