කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි දැනට හුදකලා කර ඇති පොලිස් වසම් 6ක් හෙට අලුයම 500 සිට හුදෙකලා බවින් ඉවතට

Share Button

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි දැනට හුදෙකලා කර ඇති පොලිස් වසම් 18 න් පොලිස් වසම් 6 ක හුදෙකලා බව හෙට අලුයම 500 ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි

කඵතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 7 ක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදෙකලා කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය බෝගහවත කිරිමන්තුඩාව කෝරාවල අටලුගම බටහිර බමුණුමුල්ල හා ගලගහමණ්ඩිය එම ග්‍රාම නිලධාරී වසම් වෙයි බමුණුමුල්ල මුස්ලිම් ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා කෙරේ

අද පෙරවරු 600 න් අවසන් වු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 491 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි මෙරටින් හදුනාගත් සංඛ්‍යාව 487 කි සෙසු සිව් දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වෙති ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක්ද ඒ අතර වෙති ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 292 දෙදෙනෙකු හදුනාගෙන තිබේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 87 දෙනෙකුද කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකුද හදුනාගත් බව එම මධ්‍යස්ථානය පවසයි
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට හා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලට සම්බන්ධ පොකුරෙන් අද පෙරවරු 600 වන විට හදුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 16 දහස් 248 කි ඉන් 10 දහස් 24 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ
අද පෙරවරු 600 වන විට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19 දහස් 770 කි 13 දහස් 589 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ තවත් 6098 දෙනෙක් රෝහල්ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබති අද පෙරවරු 600 න් අවසන් වු පැය 24 තුළ කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර සිටි 319 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ
ඊයේ කොරෝනා මරණ 9 ක් වාර්තා විය ඔව්හු කොළඹ 2 වැල්ලම්පිටිය දෙමටගොඩ කොළඹ 10 කොළඹ 13වැල්ලවත්තවැල්ලම්පිටිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ෂංඛ්‍යාව 83 දක්වා ඉහළ යයි අද පෙරවරුවේ දෝහා කටාර් හා ඩුබායි සිට 93 දෙනෙක් දිවයිනට පැමිණියහ ඔව්හු සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුහ ත්‍රිිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 39කදී 4193 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටිති ඊයේ සිදුකර ඇති පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 10514 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *