ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක ආදාහන පුජෝත්සවය මහනුවර කුණ්ඩසාලේදී අද පස්වරුවේ

Share Button

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මහනුවර කුණ්ඩසාලේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ සිදුකෙරේ උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර තිබේ රාමඤ්ඤ මහා නිකායේ 13 වැනි මහා නායක ස්වාමින් වහන්සේ ලෙස පත්ව සිටි අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ අපවත් වන විට 98 වැනි වියේ පසුවූහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සහ කදුරට සේවය අදාහන පූජෝත්සවයේ තොරතුරු සජීවීව ශ්‍රාවකයන් වෙත ගෙන ඒමට සූදානමින් සිටී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *