කොරෝනා එන්නත ලබන මාසය මැද වන විට අමෙරිකාවේ ආසාදිතයින්ට

Share Button

කොරෝනා එන්නත අමෙරිකාවේ ආසාදිතයින්ට ලබන මස 11 වැනිදා වන විට ලබාගත හැකි වනු ඇති බව එම වැඩසටහනේ ප්‍රධානී මොන්සෙෆ් ස්ලාවුයි මහතා පවසයි. අනුමත කළ එන්නත ඒවා ලබාදෙන මධ්‍යස්ථාන වෙත පැය 24 ක් ඇතුළත යැවිය හැකි බව ඔහු සඳහන් කරයි. මේ වන විට අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස්පන් දහසකට අධිකය. අමෙරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් ආයතනය සහ බයෝ එන් ටෙක් ආයතනය ඔවුන් නිෂ්පාදනය කරන කොරෝනා එන්නතට අමෙරිකාව තුළ කඩිනමින් අනුමැතිය ලබාගැනීමට ඉකුත් සිකුරාදා ඉල්ලීමක් ඉදිරිපත් කළේය. එහි මූලික පරීක්ෂණ අනුව වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් සඳහා සියයට 94 ක සාර්ථකත්වයක් මෙම එන්නත පෙන්නුම් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *