සඳ ගවේෂණ යානාවක් අභ්‍යාවකාශ ගතකිරීමට චීනයෙන් සැලසුම්
සඳ ගවේෂණ යානාවක් අභ්‍යාවකාශ ගතකිරීමට චීනය සැලසුම් කරයි. සඳේ පස් සහ පාෂාණ පෘතුවියට රැගෙන ඒම එහි අරමුණවී තිබේ.මෙහෙයුම සාර්ථක වුවහොත් ඇමෙරිකාවට සහ රුසියාවට පසු සඳෙහි පස් සහ පාෂාණ ලබාගත් ලොව තෙවැනි රට බවට චීනය පත්වනු ඇත. මේ සදහා මිනිසුන් රහිත යානාවක් මේ සතියේ අභ්‍යාවකාශ ගතකිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි