බයිඩන් පාලනයේ භාණ්ඩාගාර ලේකම් ධූරයත් කාන්තාවකට
2021 වසරේ ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ජෝ බයිඩන් සිය රජයේ භාණ්ඩාගාර ලේකම්ධූරයට ජැනට් යෙලන් මහත්මිය නිල වශයෙන් නම්කර ඇත. ඇය ඇමරිකානු ඉතිහාසයේ භාණ්ඩාගාර ලේකම්ධූරයට පත් පළමු කාන්තාවයි. 74 වැනි වියේ පසුවන ඇය ඇමරිකානු මහ බැංකුවේ ආර්ථික උපදේශකවරියක් ලෙසද කටයුතු කරයි. මේ අතර බයිඩන්ගේ රජයේ උප ජනාධිපතිවරයා වන්නේ කමලා හැරිස් මහත්මියයි. ඇයද ඇමරිකානු ඉතිහාසයේ වාර්තා වන පළමු කාන්තා උප ජනාධිපතිවරිය වේ. මේ අතර 2021 වසරේ ඇමරිකාවේ පිහිටුවන බයිඩන්ගේ ඩිමොක්රටික් රජයේ පාරිසරික කටයුතු පිලිබද ප්‍රධානියා ලෙස ජෝන් කෙරී පත්කර තිබේ.
====
දැනට ඇමරිකාව නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත ආරම්භක අදියර යටතේ ලොව දියුණූ රටවලට බෙදා දීමට තිරණය කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියයි. වෛද්‍ය ටෙඩ්රොස් ආදනෝම් ගෙබර්සිස් පවසන්නේ මෙය නොමිලේ හෝ සහන මිලක් යටතේ ලොව පුරා බෙදාහැරීමට තරම් ආර්ථික තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නොමැති බවයි. මෙම එන්නත නිෂ්පාදනයට දැවැන්ත මුදලක් දැරීමට සිදුව තිබේ. එය වෙනත් සාමාන්‍ය එන්නත් නිපදවීමට වඩා වැඩි පිරිවැයකි. මේ හේතුවෙන් කොවිඩ් එන්නත මුල් අදියර යටතේ දිළිදු රටවලට ලබා නොදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
====