කොවිඩ් එන්නත් ලබාදීමේ දී ලොව වඩාත් දුප්පත්ම සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානය

Share Button

කොවිඩ් නයින්ටීන් එන්නත් ලබාදීමේ දී ලොව වඩාත් දුප්පත්ම සහ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සාර්ථකව අත්හදා බලා ඇති එන්නත් සමානව බෙදා හැරිය යුතු බවයි. ඒ සදහා වන යෝජනා ක්‍රමයට ඇමරිකානු ඩොලර් බිලියන 4 යි දශම 3 ක මුදලක් අවශ්‍ය වනු ඇතැයි හෙතෙම කියයි. ඔහු වැඩිදුරටත් සදහන් කළේ පර්යේෂණවල අවසන් මට්ටමේ පවතින එන්නත් 4 ක් හොඳ ප්‍රතිඵල වාර්තා කර ඇති බවයි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය වැඩිදියුණු කළ කොවිඩ් නයින්ටීන් එන්නත රෝග ලක්ෂණ වර්ධනය කිරීම නැවැත්වීම සදහා ඉතා ඵලදායී බවට තහවුරු වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *