උතුරේ දූපත්වල සංවර්ධන කටයුතු ඇරඹේ
උතුරේ දූපත්වල සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට ක්‍රියා කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. මෙය එම ව්‍යාපෘතියේ දෙවන අදියරයි. දූපත් අතර ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම ප්‍රධාන කාර්යයයි.එහිදී කයිට්ස් සහ කරෙයිනගර් අතර පාලමක් ඉදිකෙරේ. අරාලි , හූරිකට්ටුවන් අතර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ. එම කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක් වෙන් කර තිබේ