මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළට

Share Button

මෙරට කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ යයි. ඊයේ දිනයේදී මරණ 4 ක් වාර්තා විය. ගිනිගත්හේන ප්‍රදේශයේ 74 හැවිරිදි පිරිමි අයෙකු බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර එවීමෙන් පසු මියගොස් තිබේ. මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් හේතුවෙන් ඇතිවු පාචන රෝගී තත්ත්වයක් නිසා මතුවු බහු අවයව අක්‍රීය වීමයි. සියඹලාපේ දකුණු ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි අයෙකු ද කොළඹ ජාතික රෝහලේ දිී මියගොස් ඇත. කොවිඩ් සමග නිදන්ගත වකුගඩු රෝගය උත්සන්න වී ඇත. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73 ක කාන්තාවක් මියගොස් ඇත්තේ හෝමාගම මුලික රෝහලේදීය. ඇයව කොළඹ ජාතික රෝහලේ සිට මෙම රෝහලට මාරුකර එවා ඇත. කොවිඩ් සමග ඇතිවු නිව්මෝනියාව සහ ආඝාතය මරණයට හේතුවයි. බණ්ඩාරගම අටඵඟම ප්‍රදේශයේ 42 හැවිරිදි පිරිමි අයෙකු පානදුර මුලික රෝහලේ සිට අයි ඩී එච් රෝහල වෙත මාරුකර එවා තිබේ. කොවිඩ් සමග නිදන්ගත අක්මා රෝගය උත්සන්න වීම හා මොළය ඉදිමීමේ රෝගය උත්සන්න වීම මරණයට හේතුවයි.
ඊයේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 17 දහස් 436 ක් දක්වා ඉහල ගොස් තිබුනි. ඊයේ පමණක් හමුවු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 458 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *