හම්බන්තොට ගම්මානවලට වන අලී තර්ජන

Share Button

හම්බන්තොට නගර ගුවන් පාලම අවට මේ දිනවල සැරිසරන වන අලීන් හේතුවෙන් අවට ගම්මානවලට දැඩි හානි සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. දිනපතා පස්වරු 6.00 පමණ වනවිට මෙම වනඅලි රංචුව ගුවන් පාලම අවට දැකගත හැකිය. පසුගිය කාලයේ වන අලීන් මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට නගරය ඔස්සේ ගමන් කරන වාහන සහ යතුරුපැදි පසුපස ලුහුබැද ගිය අවස්ථාද පවතී. සුචී ගම්මානය. වරායගම. කෙයාර්ගම. සජිත්ගම. කටුවැව. ආදී ගම්මානවල ගෙවතු වගාවටද එම වනඅලින් හානි කර තිබේ. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වියයුතු බව ඒවායේ ජීවත් වන ජනතාව අවධාරණය කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *