කොරෝනා වසංගතය හමුවේ බ්‍රිතාන්‍යය පනවා ඇති සීමා නත්තල් සමයේ ලිහිල් කෙරේ

Share Button

කොරෝනා වෛසරයේ පැතිරිීම හමුවේ බ්‍රිතාන්‍යයේ පනවා ඇති සීමා නත්තල් උත්සවය හේතුවෙන් ලිහිල් කිරිමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිවෙස් වල රැදි සිටිමට පනවා ඇති සීමා තාවකාලිකව ලිහිල් කරන බව එරට රජය පවසයි. මෙම නව තීරණය අනුව ලබන මස 23 වැනිදා සිට 27 වැනිදා අතර කාලයේ දින 5 ක් සදහා නිවෙස් 3 ක සාමාජිකයින්ට ගෘහස්ථව හෝ බාහිර ස්ථානයක කාලය ගත කිරිමට අවස්ථාව හිමිවෙයි. එංගලන්තය ස්කොට්ලන්තය වේල්සය සහ උතුරු අයර්ලන්තය යන ප්‍රදේශවල මේ වනවිට වෙන් වෙන් වශයෙන් සීමා ක්‍රියාත්මක වෙයි. එහෙත් මෙම දින 5 හේ සීමා ලිහිල් කිරිම මෙම සියලු ප්‍රදේශවලට ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *