සහරාන්ගේ බිරිද ඇතුලු 6 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරට

Share Button

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුලු සැකකරුවන් 6 දෙනා ලබන මස 9 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කලේය. ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළේය. ෂැන්ග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අබ්දුල් කාදර් ෆාතිමා හාදියා සැකකාරිය කොරෝනා වෛරසය ආසාදනය වී මේ වන විට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *