යහපාලන රජය බුද්ධි අංශ දුර්වල කිරිම හේතුවෙන් අන්තවාදින් වර්ධනය වු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස බලවත් රාජ්‍යයන් සිටින බවට තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැවසිය. ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අමෙරිකාව ඉන්දියාව සහ එංගලන්තය වැනි රටවල් ගණනාවක බුද්ධි විශේෂඥයින් පැමිණ මෙරට බුද්ධි අංශ සමග එක්ව මාස 6 කට වැඩි කාලයක් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කළද සහරාන් පසුපස සිටියේ කවුදැයි යන්න අනාවරණය කරගැනිමට ඔවුන්ට නොහැකි වීම විශාල ප්‍රශ්ණයක් බව සිරිසේන මහතා පැවසිය. ප්‍රහාරය එල්ල කිරිමට සහරාන් ඇතුලු කණ්ඩායමට උපදෙස් ලැබුනේ කෙසේදැයි අනාවරණය නොවිම ගැටලුවක් බවද හෙතෙම පැවසිය. යහපාලන රජය වසර 4 ක කාලයක් පුරා නිීතිය හා සාමය අමාත්‍යංශය මෙහෙය වු බවත් එම කාලයේ බුද්ධි නිලධාරින් සිරගත කරමින් බුද්ධි අංශ දුර්වල කළ බවත් පැවසු හිටපු ජනාධිපතිවරයා එම නිසා මෙරට බුද්ධි අංශ මන්දෝත්සාහී විීම හේතුවෙන් අන්තවාදින් වර්ධනය වු බව කොමිසම හමුවේ අනාවරණය කලේය. වසර 4 ක් පුරා යහපාලන රජය නීතිය හා සාමය අමාත්‍යංශයෙන් සිදුනොකළ දේ මාස 4ක් තුල තමන්ට සිදුකළ නොහැකි බව මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *