මෙවර අයවැයෙන් ආනයනික ආර්ථිකයක සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රටේ සංවර්ධන ගමන් මග ගෙන යන වැඩපිලිවෙලක්

Share Button

ආනයනික ආර්ථිකයක සිට නිෂ්පාදන ආර්ථිකයක් දක්වා රටේ සංවර්ධන ගමන් මග ගෙන යන වැඩපිලිවෙල මෙවර අයවැයෙන් සැලසුම් කර ඇතැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. නව ආර්ථික වැඩපිලිවෙලක් තුල රටේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු රජය ආරම්භ කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවකට අද එක්වෙමින් ඔහු කිවේය. ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි එය පැවැත්විණ. කොවිඩ් අර්බුදයකට මුහුණ දිමට සිදුනොවුයේ නම් මෙම සැලසුම් වලට අනුව ඉහළ ආර්ථික වර්ධනයක් කරා රට ගමන් කිරිමට හැකියාව තිබුණි. වසංගතය හමුවේද රටේ ආර්ථකය ශක්තිමත් කිරිම සදහා අත්‍යාවශ්‍ය භෝග 16 ක් දේශියව වගා කිරිමේ වැඩපිලිවෙලක් රජය සැලසුම් කර ඇත. විදේශිය ණය ගෙවා ගැනිමට නොහැකිව ආර්ථිකය කඩා වැටි ඇති බවට විපක්ෂය ගෙන යන මතවාද ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. රටක් ලෙස සාර්ථකව විදේශ ණය ගෙවිම රජය සිදුකරන බවද ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *