ගෝලිය කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 60 ඉක්මවයි
ගෝලිය කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 60 ඉක්මවයි. ජෝන්ස් හොප්කිංස් විශ්ව විද්‍යාලයට අනුව ගෝලිය වසංගතය මේ වන විට සිඝ්‍රයෙන් පැතිර යමින් පවති. දින 17 ක් තුලදි ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10 කින් වැඩි වී ඇතැයි එම විශ්ව විද්‍යාල දත්ත වාර්තා කරයි. මේ වන විට වසංගතයට ගොදුරු වීමෙන් ලොවපුරා මිලියන එකයි දශම හතරක පිරිසක් මියගොස් තිබේ. වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි. එම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා ඇත. එරට දෙලක්ෂ හැටදහසකට අධික පිරිසක් මේ වන විට මියගොස් තිබේ. ඉන්දියාව සහ බ්‍රසීලයේ ද ආසාදිතයන්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහල යමින් පවති.