ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

Share Button

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ. අද පස්වරුවේ හම්බන්තොට දී සමාරම්භක උත්සවය පැවැත්වේ.
අද ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රිකට් කණ්ඩායම් පහක් තරග වදි. කලම්බු කිංග්ස් ~ ගෝල් ග්ලැඩියේටර්ස් ~ ජැෆ්නා ස්ටැලියන්ස් ~ දඹුල්ල වයිකින්ස් සහ කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් පහ අතර තරග පැවැත්වෙ.් පලමු තරගය අද රාත්‍රි 7.30 ට හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි ආරම්භ වේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් මෙහෙයවන කැන්ඩි ටස්කර්ස් කන්ඩායම අතර එම තරගය පැවැත්වෙ. තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වෙ.්
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක් වු කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සදහන් කළේ තරගාවලියේදී තමා පන්දුයැවිම සදහා ද එක්වන බවයි. පසුගිය මාස අටක කාලයේදි ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවද ඔහු සදහන් කළේය.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලොව පුරා රටවල් රැසක ප්‍රවීන ක්‍රිඩකයෝ සුබපැතුම් එක් කළහ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලිය ලෙස ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරයි. තරගාවලියේ තරග පන්දුවෙන් පන්දුව විකාශය කිරීමට ගුවන් විදුලිය සුදානමින් සිටී. කොළඹින් මෙගාහර්ට්ස් 107 යි දශම 3 ඔස්සේ ඊට සවන්දිය හැකිය. යටියන්තොට මෙගාහර්ට්ස් 107 යි දශම 5 යි. ු හපුතලේ මෙගාහර්ට්ස් 104 යි දශම 9 යි. ු හුන්නස්ගිරිය මෙගාහර්ට්ස් 97 යි දශම 4 ~ දෙනියාය මෙගාහර්ට්ස් 104 යි දශම 7 රදැල්ල මෙගාහර්ට්ස් 102 යි දශම 1 කරගහතැන්න මෙගාහර්ට්ස් 97 යි දශම 4 සහ කොකාවිල් මෙගාහර්ට්ස් 89 යි දශම 8 සංඛ්‍යාත ඔසසේ එම ප්‍රදේශවල ජනතාවට මේ සදහා සවන් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *