කොරෝනා මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ යයි

Share Button

දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුර දහඅටදහස් හාරසිය අනුඑක දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයන් 553 දෙනෙකු හදුනාගෙන තිබෙ.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ යයි. ඊයේ මරණ තුනක් වාර්තා විය.කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ ජාතික රෝහලේදි මියගොස් තිබෙ. කොරෝනා වෛරසය ආසාදනය සමග ඇති වූ බැක්ටිරියා ආසාදනයක් හා නිදන්ගත පෙනහඵ රෝගයක් උත්සන්න වීම ඔහුගේ මරණයට හේතුව ලෙස දැක් වේ ,කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද ඊයේ මිය ගියේය .කොරෝනා ආසාදිතයෙකු හදුනාගැනිමෙන් පසුව මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය බදාදා මරණයට පත් විය. අධික රුධිර පීඩනය, නිව්මෝනියා තත්ත්වය හා කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුවයි. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදි පසුගිය සදුදා මියගොස් තිබේ . මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය. දියවැඩියාව හා කොරෝනා වෛරසයේ ආසාදනය සමග ඇති වූ ආඝාතයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *