ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී. ඩී වික්‍රමරත්න මහතා සිය රාජකාරී අරඹයි
ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී. ඩී වික්‍රමරත්න මහතා සිය රාජකාරී ආරම්භ කරයි. 2019 අප්‍රේල් මස 28 වැනිදා සිට මේ දක්වා ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය. 1986 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වු ඒ මහතාගේ සේවා කාලය වසර 34කි. කොළඹ විශ්ව විද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධිධාරියෙකු වන ඒ මහතා බැට්ෆොට් සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධී ඩිප්ලෝමා හදාරා තිබේ