තවත් කොරෝනා ආසාදිතයින් 251 දෙනෙක් – සුවය ලැබු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16 දහස ඉක්මවයි

Share Button

කොරෝනා ආසාදිතයෝ 251 ක් අද හදුනා ගැනෙති. ඔවුන් සියලුදෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ වෙති.ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දහඅටදහස් 742 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහසය දහස ඉක්මවා තිබේ. තවත් කොරෝනා ආසාදිතයින් 410 දෙනෙකු සුවය ලබා අද නිවෙස් බලා පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දහසය දහස් 226 දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයෝ 5954 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිදෙදහස් 279 කි. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 99 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *