ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක අතිපුජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදකී

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් අද බැහැදුටුවේය. උන්වහන්සේ වැඩවෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහ නා හිමියන් වෙත සිය සුභාශීංසන පිරිනැමීය. ශාසනික  ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහ නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව සිදුකර ගෙන යාමට තමාගෙත් රජයේත් පූර්ණ සහාය ලැබෙන බව ප්‍රකාශ කළේය.මහානායක හිමියන්ට චිරජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විශේෂ සටහනක් සමග සමරු සටහන් පොතේ අත්සන් තැබීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රි ස්වාමින් වහන්සේ ඇතුඵ මහා සංඝරත්නය කිහිප නමක් මෙම අවස්ථාවට වැඩමකර සිටි අතර සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *