සංචාරක කර්මාන්තය ලබන වසර වන විට යථා තත්ත්වයට ගෙන එන බව බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි

Share Button

ගම සමග පිළිසඳර වැඩසටහන ඔස්සේ අයවැයෙන් ඉදිරිපත් කළ සංවර්ධන යෝජනා වඩාත් ඵලදායිව ගමට ගෙනයාමට වැඩ සමග යළි ගමට වැඩසටහන ඇරඹේ. ඒ යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව ලබන මස 14 වැනිදා දකුණු පළාතෙන් ආරම්භ කෙරේ. ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන් අතර කොළඹ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරින. 2021 අයවැය තනි පුද්ගලයෙකුගේ අයවැයක් නොව රාජ්‍ය හා පුද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමග දීර්ඝ කාලයක් සාකච්ඡා කර රටේ සංවර්ධනය හා අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු රැසක් ගත් අයවැයක් බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. මෙවර අයැවයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාවට ගෙනයාමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේය. විදේශ ණය සහ ආධාර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් සෘජු විදේශ ආයෝජන අවස්ථා රටට ලබා ගැනීමට මෙවර අයවැයෙන් අපේක්ෂා කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. අදාල අංශ සමග සාකච්ඡා කර ලබන වසර වනවිට සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට ගෙනඑන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *