පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය නීතිවලට යටත්ව විවෘත කිරීමට පියවර
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව විවෘත කිරීමේ හැකියාව සොයා බැලේ.මේ පිළිබඳව සාකච්ඡාවක් ඉකුත්දා ඇමති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී ඔහු සදහන් කලේ පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් මර්දන විශේෂඥ කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ මත මෙය විවෘත කිරීමේ හැකියාව සොයා බලන ලෙසයි. මෙහිදී මෙම කමිටුවේ සාමාජිකයන් සදහන් කලේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයට කොවිඩ් වසංගතය පැමිණීයේ කෙසේදැයි නිශ්චිතව නොදන්නා බවයි. එහෙත් සිදුකළ විමර්ශන අනුව ඊට බලපෑ කරුණු 8 ක් ඉදිරිපත් කළහැකි බව එම කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා පැවසීය. එම කරුණුවලින් වැළකී වෙළෙඳ සංකීර්ණය විවෘත කළ හැකි බව ඔහු කීවේය.විශේෂයෙන් සිල්ලර වෙලෙඳාම සම්පුර්ණයෙන් නැවැත්විය යුතුය. තොග වෙළෙඳාම සියයට 25 කින් පමණ ආරම්භ කිරීම වැදගත්වෙයි