ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ

Share Button

ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වු මෝෂේන් ෆකිර්සාද් ඝාතනය කෙරේ.ටෙහෙරාන් අගනුවරට ආසන්න ප්‍රදේශයකදී ඔහු ඝාතනය කර ඇතැයි ඉරාන ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි. මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව සදහන් කරන ඉරාන විදේශ අමාත්‍යංශය එය හෙලාදකිමින් සදහන් කලේ ඔහුව බටහිර බුද්ධි අංශවල විශේෂ අවධානයට ලක්ව තිබු බවයි. බටහිර රටවල් ඔහුව හැදින්වුයේ ඉරානයේ නවීනතම බෝම්බවල පියා ඔහු බවයි. තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී සහ නිරවුල් බවත් ඉන් කිසිවෙකුට හෝ හානියක් කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් ඉරානය කියා සිටී. මෙම සිද්ධීය හේතුවෙන් ඉරානයේ යුරේනියම් බලගැන්ව්ීමේ ව්‍යාපෘති කඩාකප්පල් නොවන බව ඉරානය අවධාරණය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *