ඊයේ දිනයේදී මෙරට කොවිඩ් මරණ 8 ක් සිදුවී තිබේ .ඒ අනුව මියගිය මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට
ඊයේ දිනයේදී මෙරට කොවිඩ් මරණ 8 ක් සිදුවී තිබේ. ඒ අනුව මියගිය මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි 4 දෙනෙක් සහ කාන්තාවෝ 4 දෙනෙක් සිටිති. කොළඹ 13. කොළඹ 09, කොළඹ 10, කොළඹ 15, කොළඹ 2, කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි අයෙකු මෙසේ මියගොස් තිබේ. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 87 ක කාන්තාවක් නිවසේදී මියගොස් ඇත්තේ කොවිඩ් සමග ඇති වු හෘදයාබාධයකිනි. ඇය ආඝාතයෙන්ද පෙලී ඇත. කොළඹ 09 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් ලෙස හදුනා ගැනීමෙන් පසු හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇත. පිළිකා රෝගය සමග උග්‍ර වු නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුවයි. මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇත. ආඝාතයෙන් පෙඵනු ඇය කොවිඩ් නිසා ඇති වු හෘදයාබාධයකින් මියගොස් ඇත. කොළඹ 15 ප්‍රදේශයේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් සමග ඇති වු නිධන්ගත පෙනහඵ රෝගයකින් මියගොස් ඇත. ඉතිරි සිව් දෙනාද වයස්ගත වන අතර ඔවුන් වැඩි දෙනෙකුටද බලපා ඇත්තේ කොවිඩ් සමග ඇති වු හෘදයාබාධයන්ය. මේ අතර ඊයේදිනය තුළ පමණක් තවත් කොවිඩ් ආසාදිතයන් 472 දෙදෙනෙක් හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රීත කොවිඩ් පොකුරේ ආශ්රීතයෝ වෙති. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වනවිට 18 දහස් 963 ක් දක්වා ඉහළ ගොස් තිබේඩ්