කැළණීගග දුෂණයවීම වැළැක්වීමට යාන්ත්‍රණයක් සකස් කරන්නැයි කෝප් කමිටුවෙන් නිර්දේශ

Share Button

කැළණිගග දුෂණය වීම වැළැක්වීමට යාන්ත්‍රණයක් සකස් කරන්නැයි පාර්ලිමේන්තුමේ කෝප් කමිටුව නිර්දේශ කරයි. එහිදී පරිසර අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය, රාජ්‍යසේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ එක්ව ක්‍රියා කළයුතුයැයි අවධාරණය කෙරේ. පානීය ජල ප්‍රශ්නය  සංචාරක ව්‍යාපාරයනාගරික , සංවර්ධනය ආදී රටටම බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැළණිගග ඍජුවම සම්බන්ධ බැවින් එය වැදගත් ජලාශයක් බව කෝප් කමිටුව පෙන්වා දෙයි. කැළණිගග ආශ්‍රීතව කර්මාන්ත තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් පවතී. ඉන් 41 කට බලපත්‍ර නොමැත. තවත් 205 ක බලපත්‍ර අත්හිටුවා තිබේ.ඉහළ අවධානමක් ඇති කර්මාන්ත 17 ක් ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා කීවේය. ගග දෙපස ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ වැදගත්කම කොප්කමිටුවේ අවධානයට ලක්වී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *