පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

Share Button

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. දුරස්ථභාවය රඳවා ගැනීම, නිරතුරු දෑත් පිරිසිදු කර ගැනීම ආදිය ඒ අතර ප්‍රධාන වෙයි. ගෙවිගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඔහු සදහන් කරයි. මුව ආවරණ නොපැළඳවීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනා වෙයි. මේ මාසය තුළ එම චෝදනා යටතේ 796 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා දිපව්‍යාප්ත මට්ටමින් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *