ඊයේ කොරෝනා ආසාදිතයෝ 473 දෙනෙක් හදුනා ගැනෙති – වැඩිම පිරිස කොළඹින්

Share Button

අද පෙරවරු 6.00 න් අවසන් වු පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 473 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 137 කි. ගම්පහ ප්‍රදේශයෙන් 63 දෙනෙකු ද, රත්නපුරය ප්‍රදේශයෙන් 35 දෙනෙකු ද හදුනා ගෙන තිබේ. ඕමාන් සිට ඊයේ මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව හෙලි විය.

අද පෙරවරු 6.00 න් අවසන් වු පැය 24 තුළ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවු ආසාදිතයන් සංඛ්‍යාව 19 දහස් 431 දක්වා ඉහල ගියේය. ඉන් 16 දහස් 372 දෙනෙකු හදුනාගෙන ඇත්තේ පෑලියගොඩ පොකුරෙනි. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ 12 දහස් 793 දෙනෙකු මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ වනවිට මෙරටින් වාර්තා වු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22 දහස් 500 කි. ඉන් 16 දහස් 225 ක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ වනවිට රෝහල් ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 06 දහස් 168 කි.

අද පෙරවරු 6.00 න් අවසන් වු පැය 24 තුළ පුර්ණ සුවය ලබා රෝහල්වලින් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 410 කි. එම කාලය තුළ කොරෝනා මරණ 08 ක් වාර්තා විය.ඔව්හු කොළඹ 13, කොළඹ 10,කොළඹ 13,කොළඹ 02, කොළඹ 09 හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක්ද මරණයට පත්විය. ඒ අනුව අද පෙරවරුව වනවිට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහල ගොස් තිබිනි.

අද පෙරවරුවේ දෝහාකටාර් හා ඉන්දියාවේ සිට 149 දෙනෙකු දිවයිනට පැමිණි බව කොවිට් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඔවුහු සියලු දෙනා ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය සදහා යොමු කරනු ලැබුහ. ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක පන්දහස් 88 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් පසුවෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *